Apr 3, 2016

Change your Android Device ID to any Fake ID (කරුණාකර වැරදි ක්‍රියාවන් සඳහා භාවිතා නොකරන්න.)

ඇන්ඩ්‍රොයිඩි උපාංගයේ ID ඵක යනු කුමක්ද?

උපාංගයේ ID ඵක කියලා කියන්නේ ඔබේ දුරකථනයේ හැදුනුමිපත වගේ. සරලවම කියනවනමි මේ ID ඵකෙන් තමයි ඕනෑම තැනක දුරකථනය අදුරගන්නේ (උදා: Mobile Network, Google Play,). මෙය ඔබගේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය පළමු වරට ක්‍රියාත්මක කරන (first boot) අවස්ථාවෙිදි ජනනය වන අතර, උපාංගයේ සමිපූර්ණ ආයු කාලය සඳහාම මෙම 64-bit කේතය (hex string වැනි) නොවෙනස්ව භාවිත වේ. (කර්මාන්තශාලා තුල යළි පිහිටුවනු ලැබු උපාංගයක් නමි මෙම අංකය නැවත වෙනස් විය හැක.)  


ඔබගේ ඇන්ඩ්රොයිඩ් උපාංගය ID කේතය දැන ගැනීමට ක්රම දෙකක් ඇත. 

01.ඔබේ දුරකථනයේ Dial පෑඩි ඵකේ * # * # 8255 # * # * ලෙස ටයිප් කරන්න, ඉන් පසුව ඔබේ උපාංගය id කේතය පෙන්වනවා ඇති. 

02.තවත් විසඳුමක් ලෙස, මේ සඳහා “ Android Device ID” නැමති ඇන්ඩ්රොයිඩ් ඇප් එක භාවිතා කළ හැකිය. 


Android උපාංගයක ID ඵක වෙනස් කරන්නේ කොහොමද..?

මෙම ක්‍රියාවලිය සඳහා ඔබේ දුරකථනය මූල (root) කර තිබිය යුතු අතර  busybox ද නිවැරැදිව ස්ථාපනය කර තිබිය යුතුය.

අවවාදයයි.

මෙම ක්‍රියාවලියේ කිසිවක් වැරදි ගොස් ඔබගේ දුරකථනයට යමි හානියක් සිදුවීමට ඉඩ ඇති අතර, ඵ් සමිබන්ධයෙන් අප කිසිදු වගකීමක් දරන්නේ නැති බව කාරුණාවෙන් සලකන්න.අවශ්‍ය නමි අවදානමක් ගෙන භාවිතා කරන්න. තවද මෙය වැරදි ක්‍රියාවන් සඳහා යොදාගැනීම දඩුවමි ලැබිය හැකි වරදක් වන අතර, හුදෙක් ඉගෙනීම සඳහා පමණක් භාවිතා කරන්න.


Download Android  Device ID Changer (86KB)
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න

මෙම යෙදුම මගින් ඔබට ඔබගේ උපාංගයේ ඇන්ඩ්රොයිඩ් ID ඵක වෙනස් කිරීමට ඉඩ ලබා දෙන අතර, මෙමගින් ඔබේ මුල් ඇන්ඩ්රොයිඩ් ID  ඵක වෙනස්කර හා නව හැඳුනුම් පතක් උත්පාදනය කරයි. මේ සඳහා මූල (root) ප්රවේශය අවශ්ය වේ. 

විශේෂ

මෙම ක්‍රියාවලියට ප්‍රථම ඔබගේ දුකරථනයේ මුල් ඇන්ඩ්‍රෙයිඩි ID ඵක ඇතුලත් (Backup) ඵකක් ලබා ගැනීමෙන්, පසුව ඔබට අවශ්‍ය අවස්ථාවකදි (restore) කර නැවත පෙර ID ඵක ලබාගත හැක.


පහත පියවර අනුගමනය කරන්න.
android device id changer

android device id changer

android device id changer
How to fake Android to think you have a different device
(ඉදිරියේදි බලාපොරොත්තු වන්න.)
ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන මෙන් කාරූණිකව ඉල්ලා සිටිමී. ස්තූතියි.