හෙළ අකුරින් යතුරු කළ හැකි ප්‍රථම සහ එකම,අපගේ සිංහල ජංගම දුරකථන යතුරුපුවරුව භාවිතයෙන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් සිංහලෙන්ම යතුරු කරන්න.
භාෂා හෙළකුරු වනාහී ජංගම දුරකථන සඳහා ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල මෘදුයතුරු පුවරුවයි.
භාෂා හෙළකුරු නිපදවා ඇත්තේ සම්මත ඇන්ඩ්‍රොයිඩ් මෘදුයතුරු පුවරුවක් ආකාරයෙන් වන නිසා එය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ඕනෑම යෙදුමක දී භාවිතා කළ හැක. එනම්, භාෂා හෙළකුරු භාවිතයෙන් ඔබට සිංහල සහය දක්වන යෙදුම් (උදා: සෙට් බ්‍රව්සර්, භාෂා ශබ්දකෝෂය) මත පමණක් නොව ජීමේල්, ෆේස්බුක්, ට්වීටර් වැනි ඕනෑම යෙදුමක් මත වුව ද සිංහලෙන් යතුරු කළ හැක.
හෙළකුරු යතුරුපුවරුව භාවිතයෙන් සිංහලෙන් යතුරු කිරීම සඳහා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ සිංහල සහය තිබීම ද අත්‍යාවශ්‍ය නැත. ඔබේ දුරකථනයේ සිංහල සහය නොතිබුණ ද,හෙළකුරු යතුරුපුවරුවෙන් ඔබ යතුරු කරන සිංහල අකුරු දැක බලා ගැනීම සඳහා හෙළකුරු මඟින් ඔබට විශේෂිත 'පෙරදසුන් තීරුවක්' සැපයෙයි.එමඟින් ඔබට ඔබ යතුරුකරන සිංහල අකුරු නිරීක්ෂණය කරමින් නිවැරදිව යතුරු කිරීමට හැකියාව ලැබෙයි.
හෙළකුරු යතුරුපුවරුව ඔබ ස්ථාපනය කරගත් පසු,ඔබේ දුරකථනයේ සැකසුම් වෙත ගොස් එය සක්‍රීය කරගත යුතුය.ඔබ එය සක්‍රීය කළ පසු අකුරු ඇතුළත් කරන ඕනෑම ස්ථානයක දී ඔබ යතුරුපුවරුව මාරු කිරීමට ගිය විට.හෙළකුරු යතුරුපුවරුව ද අනෙකුත් යතුරුපුවරු සමඟ දිස්වනු ඇත.එහිදී හෙළකුරු යතුරුපුවරුව තේරීමෙන් ඔබට සිංහලෙන් යතුරු කිරීමට හැකිවනු ඇත.
හෙළකුරු යතුරුපුවරුව සක්‍රීය කරගන්නා ආකාරය සහ එයට මාරුවන ආකාරය පිළිබඳ දැනගැනීමට තිරයේ දිස්වන උපදෙස් පිළිපදින්න.
විශේෂාංග
★ සම්මත සිංහල යුනිකේතයෙන් ශබ්දානුකූලව සිංහල අකුරු යතුරු කිරීමේ හැකියාව
★සම්මත ඇන්ඩ්‍රොයිඩ් යතුරුපුවරුවක් ලෙස මෙහෙයුම් පද්ධතිය පුරා ඕනෑම යෙදුමක භාවිතා කිරීමේ පහසුව
★ සිංහල සහ ඉංග්‍රීසි අක්ෂර අතර පහසුවෙන් මාරු වීමේ හැකියාව
★ නව අලංකාර Material පසුතල සැකසුම.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : Version 3.1.2(March 23, 2015)
- Official Material Theme update
- Fixed character repetition after Backspace issue
- Fixed Preview bar not enabling issue
- Fixed vibrate sensitivity
★සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1+
Helakuru Sinhala Input v3.1.2 play store මගින් බාගතකරගන්න
Helakuru Sinhala Input v3.1.2.APK (4.67MB) ගොනුව බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
හෙළකුරු යතුරුපුවරුව සක්‍රීය කරගන්නා ආකාරය.
(1 රෑපය)
''ඉදිරියට'' යන විදානය ලබා දෙන්න.
(2 රෑපය)
නැවතත් ''ඉදිරියට'' යන විදානය ලබා දෙන්න.
(3 රෑපය)
මෙහිදි ඔබගේ දුරකථනයේ දැනට ඇති යතුරැපුවරැ හා අලුතෙන් ස්ථාපනය කල හෙලකුරැ යතුරැ පවරැව දර්ශනය වන අතර, හෙලකුරැ යතුරැපුවරැව ඉදිරියෙන් ඇති කොටුව මත ටච් කර ඵය ලකුණු කරන්න. ඉන් පසු ආපස්සට යන්න (back button)
(4 රෑපය)
ඉහත (3 රෑපය) පරිදි හෙලකුරැ යතුරැ පුවරැව ලකුණු කිරිමෙිදි මෙවැනි පණිවුඩයක් දිස් වුව හොත් ඵයට අවසර (OK) ලබා දෙන්න.
(5 රෑපය)
ඉන් පසු නැවතත් ''ඉදිරියට'' යන විදානය ලබා දෙන්න.
(6 රෑපය)
පහත රැපයේ පරිදි sinhala (Sri Lanka) යන්න තොරන්න.
(7 රෑපය)
ඉහත පියවරයන් සියල්ල නිවැරදිව සිදුකලේ නමි මෙවනි තිරයක් දිස්වන අතර, ඔබ විසින් හෙලකුරැ යතුරැපුවරැව නිවැරැදිව සක්‍රියකරගෙන ඇත.
(8 රෑපය)
හෙලකුරැ යතුරැ පුවරැව භාවිතයෙන් ටයිප් කරන ලද කෙට් පණිවුඩයක්
{ඉහත (8 රෑපය) පරිදි හෙලකුරැ මගින් ටයිප් කිරිමෙිදි සිංහල අකුරැ දර්ශණය නොවේ නමි ඔබගේ දුරකථනයට සිංහල ස්ථාපනය කල යුතු වේ. ඵ් සදහා සිංහල ස්ථාපනය කරගන්නා ආකාරය පිලිබඳව අප පලකර ඇති ලිපියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න. }
මෙම යෙදුම භාෂා ලංකා (පුද්) සමාගම විසින් නිර්මාණය කරන ලඳ යෙදුමක් වන අතර ''හෙලකුරැ'' යෙදුම සමිබන්ධයෙන් ගැටළු ඇත්නමි support@bhasha.lk යන විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ සහය ලබාගත හැක.













