Jan 9, 2014

IRoot.1.7.3.4388 (ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් පහසුවෙන් රෑටි (ROOT) කරන්න.)



රෑටි (ROOT) සමිබන්ධයෙන් වැඩිදුර විස්තරයක්  කරන්න යන්නේ නැහැ මොකද සමිබන්ධයෙන් මීට කලින් අපි Root කිරිම යනු....? යනුවෙන් ලිපියක් පලකරලා තියෙන නිසා.ඵ් නිසා රෑටි (ROOT) සමිබන්ධයෙන් වැඩිදුර දැනගැනීමට අවශ්‍ය නමි කරැණාකර ඵම ලිපිය බලන්න.

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔයාලට කියලා  දෙන්න යන්නේ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනක් ඉතාමත් පහසුවෙන් පියවර කිහිපයකින් රෑටි (ROOT) කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන්  විවිධ වර්ගයේ ජංගම දුරකථන සදහා රෑටි (ROOT) කිරිම සදහා විවිධ ක්‍රම තියෙනවා, නමුත් අපි අද කියලා දෙන්න යන්නේ ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් ඵ් කියන්නේ (Sony / Samsung / LG / ) වගේ ප්‍රසිද්ධ ජංගම දුරකථන සමාගමිවල දුරකථන වගේම බොහෝ අය රෑටි (ROOT) කිරිමට නොහැකි බව කියන ( Dialog i35 / Dialog i45 / Dialog k35 / Dialog k35 / Huawei / Alcatel / E-tel / SkyVega /Micromax ) වැනි  ඇන්ඩ්‍රොයිඩ් ජංගම පවා මෙම ක්‍රමය මගින් පහසුවෙන් රෑටි (ROOT) කරගන්න පුලුවන්. 

අපි මේ සදහා භාවිතා කරන්න යන්නේ VRoot යන මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය කොරියානු භාෂාවෙන් සකසා ඇති නමුත් මෘදුකාංගය භාවිතා කර  ආකාරය පියවරෙන් පියවර ඉතා පැහැදිලිව රෑපසටහන් මගින් පහත දක්වා ඇති බැවින් ඔබට කිසිදු අපහසු තාවයකට පත්නොවනු ඇත.


( යාවත්කාලීන කිරිම - මෙම ලිපිය මගින් මෙතෙක් ලබාදී තිබුනේ IRoot හි කොරියන් භාෂවෙන් ඇති මෘදුකාංගය වන අතර, ඵම මෘදුකාංගය භාවිතා කිරිමේදි ඔබට භාෂාමය වශයෙන් ගැටළු ඇතිවීමට ඉඩ ඇති හෙයින්, ඔබගේ පහදුව තකා IRoot හි ඉංග්‍රිසි මෘදුකාංගය මේ වන විට මෙම ලිපියේ බාගතකිරිම සදහා යාවත්කාලීන කර ඇත.) 

පියවර 01 -

IRoot_1.7.3.4863 මෘදුකාංගය බාගතකරගන්න. (ඉංග්‍රිසි භාෂාවෙන් ඇති මෘදුකාංගයට යාවත්කාලීන කර ඇත. )

 Iroot

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න



පියවර 02 -

IRoot.1.7.3.4388 පරිගණකයට ස්ථාපනය(Install) කරගන්න.
 (නිවැරදිව ස්ථාපනය කරගන්නා ආකාරය පහත රෑප සටහන් මගින් දක්වා ඇත.)





(a)

(b)

(c)

 (d)

පියවර 03 -

03.  ඉන්පසු ඔබගේ ජංගම දුරකථනයේ පහත (A) හා (B) හි දක්වා ඇති පරිදි සැකසුමි සකසන්න.

A. Setttings > Security > Unknown Source  යන්න ලකුණු කරන්න.
B. Setttings > Development > Usb Debugging  යන්න ලකුණු කරන්න.

පියවර 04 - 

පියවර 02 හි පරිදි IRoot මෘදුකාංගය ස්ථාපනය කිරිමෙන් පසුව පහත (f) රෑපයෙහි පරිදි මෘදුකාංගය විවෘත වනු ඇත. ඉන්පසු ඔබගේ ජංගම දුරකථනය ඩෙටා කේබල් ඵක මගින් පරිගණකයට සමිබන්ධ කරන්න.දුරකථනය පරිගණකයට සමිබන්ධ කල සැනින් ඔබගේ ජංගම දුරකථනයට අදාල සැකසුමි (drivers)ඇතුලත් (20MB)පමණ ගොනුවක් මෙම මෘදුකාංගය මගින් අන්තර්ජාලය ඔස්සේ ස්වයංක්‍රියව බාගතකරගන්නා අතර මේ සදහා ***පරිගණකයට අන්තර්ජාල පහසුකමි ලබාදී තිබිය යුතුය, ඵය බාගතවී අවසන් වීමෙන් පසුව පහත (f) රෑපයේ පරිදි ඔබගේ ජංගම දුරකථනයේ වර්ගය සටහන්වී කොලපාටින් හරි ලකුණක් වැ‍ටේනමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුකරථනය රෑටි (ROOT) කිරිම  සදහා වු සියළු සැකසුමි සුදානමිය. 

විශේෂ - 
*මේ සදහා පරිගණකයට අන්තර්ජාල පහසුකමි ලබාදී තිබිය යුතුය
* මෙසේ ඔබගේ ජංගම දුරකථන හදුනා නොගත්තේනමි ඔබගේ ජංගම දුරකථනයට අදාල (drivers) ඔබ විසින් බාගතකර පරිගණකයේ ස්ථාපනක කරගත යුතුය. 

(f)


පියවර 05 - 

ඉහත (f) රෑපයේ රතුපාට කොටුවෙන් දක්වා ඇති (ROOT) යන කොලපාට බටනය ක්ලික් නරන්න. ඉන් පසු පහත රෑපයෙහි පරිදි වින්ඩොවක් දිස්වන අතර ඉන්පසු ඔබගේ දුරකථනය Restart වනු ඇත. ඉන් පසු පහත (h) රෑපය පරිදි වින්ඩෝවක් ලැබේ නමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුකරථනය නිවැරදිව  (ROOT) වී ඇති අතර සැකහැර දැනගැනීම සදහා දුරකථනයේ Data Cable ගලවා දුකථනයෙහි Apps අතර ඇති Superuser යන මෘදුකාංගය ස්ථාපනය වී ඇත්දැයි පරික්ෂාකර ලබන්න. 

(g)


(h)


_________________________________________________________________________________

______________________________________________