අපි හැමෝම කැමතියි චිත්‍රපට නරඹන්න. ඔය අතරේ ඉතින් ඉංග්‍රීසි, දෙමළ, කොරියන්, වැනි වෙනත් භාෂාවලින් නිෂ්පාදනය කරලා තියෙන චිත්‍රපටත් තියෙනවනේ. අද වන විට චිත්‍රපට සදහා සිංහල උපසිරැසි නොමීලේ ලබාදෙන වෙබි අඩවි බොහෝ ප්‍රමාණයක් තියෙනවා. නමුත් මෙම අඩවි මගින් ලබාදෙන සිංහල උපසිරැසි (.srt /.ssa ) ගොනු නිර්මාණය කර ඇතිතේ සිංහල යුනිකෝඩි මගින් නිසාවෙන් මෙම උපසිරැසි ගොනු සහය දක්වනු ලබන්නේ පරිගණක සදහා පමණි.
සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග වල (ජංගම දුරකථන හා ටැබිලටි පරිගණක ) මෙම ඉහත සදහන් කරන ලද සිංහල උපසිරැසි (.srt /.ssa ) ගොනු සහය දක්වනු නොලැබෙ. ඵබැවින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග වල සිංහල උපසිරැසි (.srt /.ssa ) ගොනු සමග චිත්‍රපට නැරඹිමට නමි අදාල ඇන්ඩ්‍රොයිඩ් උපාංගය ROOT කර Seystem / Font යන ගොනුව තුලට සිංහල යුනිකෝඩි සදහා සහය දක්වන Font ගොනුවක් ඇතුලත් කල යුතුය. ROOT කිරිම මගින් ඔබගේ උපාංගයෙහි වගකීමේ සහතිකය අවලංගු විම හා ROOT කිරිමේදී කිසියමි අක්‍රමීකතාවයක් සිදු වුවහොත් උපාංගයට සිදුවන හානි දායක තත්වය නිසාවෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ උපාංග ROOT කිරිමට නොපෙලබෙයි.
නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට කියලා දෙන්න යන්නේ ROOT කිරිමේන් තොරව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථනට හෝ ටැබිලටි පරිගණකය මගින් සිංහල උපසිරැසි (.srt /.ssa ) ගොනු සමග චිත්‍රපට නැරඹිය හැකි 100%ක් සාර්ථක ක්‍රමයකි...!
පහත උපදෙස් අනුගමනය කරන්න.
01. MX Player Pro v1.7.21.APK ගොනුව බාගතකරගන්න.
01. iskpota.ttf ගොනුව බාගතකරගන්න.
03. ඉහත අංක (01) හා (02) හි පරිදි බාගතකරගත් ගොනු දෙක ඔබගේ උපාංගයේ මතක ධාරිතාවයට (internal storage / SD card) පිටපත් (Copy)කරගන්න.
04. පිටපත් කරගත් MX Player Pro v1.7.19 .apk ගොනුව උපාංගයට ස්ථාපනය (install) කරගන්න.
05. මෙය පරික්ෂා කර බැලීම සදහා සිංහල උපසිරැසි ගොනුවක් සහිත විඩියෝ පටයක් උපාංගයේ මතක ධාරිතාවයට (internal storage / SD card) පිටපත් (Copy)කරගන්න.
06. ස්ථාපනය (install) කරගත් MX Player Pro මෘදුකාංගය විවෘත (open) කර ඉහත අංක (05) පරිදි පිටපත් කරගත් උපසිරැසි සහිත විඩියෝ පටය විවෘත (open) කරගන්න.
08. උපාගයේ menu button ඵක click කරන්න. ඉන්පසු පහත පරිදි ලැබෙන වින්ඩොවෙහි subtitle යටතේ ඇති settings යන්න (silect) තොරන්න.
09. ඉන් පසු ලැබෙන මෙනුවෙහි TEXT යටතේ ඇති Font යන ස්ථානයේ Default යනුවෙන් සදහන්ව ඇති අතර ඉන් මීට පෙර අංක (02) පරිදි පිටපත් (Copy) කරගත් iskpota.ttf යන්න ලකුණු (silect) කරන්න.
10. ඵම සැකසුමි වලින් ඉවත්වී විඩියෝ පටය ධාවනය (play) කර බලන්න. මීට කලින් වැටුනු කොටු වෙනුවට සිංහල උපසිරැසි දර්ණය වෙනු ඔබට පෙනෙවි.





















