ලෝකයේ ඡායාරෑප සංස්කරණ කටයුතු වල යෙදෙන බොහෝ දෙනෙක් ඵ් සදහා භාවීතා කරන ජනප්‍රියම මෘදුකාංගය තමයි ඇඩොබි පොටොෂොප්. ඡායාරෑපකරණයට අවශ්‍ය බොහෝ පහසුකමි ප්‍රමාණයක් මෙහි ඇතුලත් කර තිබිම හා භාවිතයට පහසු වීම නිසා තමයි ඇඩොබි පොටොෂොප් මෙතරමි ජනප්‍රිය. මෙම මෘදුකාංගය මුලින්ම නිර්මාණය කරනු ඇත්තේ Thomas Knoll, John Knoll යන සහෝදරයන් දෙදෙනාය. පසුව ඔවුන් විසින් මෙම වැඩසටහන Apple සමාගමට හා Adobe සමාගමි වලට ඉදිරිපත් කිරිමෙන් පසු Adobe සමාගම විසින් 1988 දී මෙම මෘදුකාංගයට බලපත්‍රයක් මිළදී ගන්නා ලදි. පසුව 1990 වර්ෂයේදි පොටොෂොප් හි පළමු සංස්කරණය වන Photoshop 1.0 නිකුත් කරන ලද අතර ඉන්පසු Adobe Photoshop 1.0.7,Adobe Photoshop 2.0.1,Adobe Photoshop 3.0,Adobe Photoshop 4.0,Adobe Photoshop 5.0,Adobe Photoshop 6.0,dobe Photoshop 7.0,Adobe Photoshop CS,Adobe Photoshop CS2,Adobe Photoshop CS3,Adobe Photoshop CS4,Adobe Photoshop CS5,Adobe Photoshop CS6 නිකුත් වු අතර නවතම සංස්කරණය වන්නේ Adobe Photoshop CC ය.
නමුත් අද වන විට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුකරථන, ඇන්ඩ්‍රොයිඩ් ටැබිලටි පරිගණක, හා තවත් බොහෝ මෙහෙයුමි පද්ධති සදහා ඇඩොබි පොටොෂොප් සංස්කරණයන් නිර්මාණය කරලා තියෙනවා.ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුකරථන, ඇන්ඩ්‍රොයිඩ් ටැබිලටි පරිගණක, සදහාම නිර්මාණය කර ඇති Photoshop Touch for phone මෘදුකාංගයයි. පරිගණකයක් උපයෝගී කරගෙන කරන බොහෝ වැඩ කටයුතු මෙමගින් ඔබගේ ජංගම දුරකථනයෙන්,ටැබිලටි පරිගණකයෙන්ම බොහොම පහසුවෙන් කරගන්න පුලුවන්. වැඩි විස්තර සදහා පහත පින්තුර හා වීඩියෝ පටය නරඹන්න
* 4.0+ සහ ඊට ඉහල ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ සදහා සහය දක්වනු ලැඛේ.
Photoshop Touch for phone.apk [19.1 MB] ගොනුව පහතින් බාගතකරගන්න.










1 comments:
වටින පෝස්ට් එකක් යාළුවා...... දිගටම කරගෙන යන්ඩ....... :)
Post a Comment