අවවාධයයි - bootloader Unlock කිරිම මගින් ජංගම දුරකථනයේ වගකීමේ සහතිකය අහෝසි වන අතර මෙම ක්‍රියාවලිය තුලින් ඔබගේ ජංගම දුරකථනට කිසියමි හානියක් සිදුවුවහොත් ඵහි කිසිදු වගකීමක් අප විසින් භාරගනු නොලබන බව කරැණාවෙන් සලකන්න...!
*මෙම ආරකාරයට bootloader Unlock කල හැකි Xperia දුරකථන (X8, X10, X10 mini, X10 mini pro, Play, Arc, Arc S, Neo, Neo V, Pro, U,P,S,Sola)
පියවර 01. ප්‍රථමයෙන්ම ඔබගේ ජංගම දුරකථනය bootloader Unlock කල හැකි දැයි පරික්ෂාකර ගත යුතුය ඵ් සදහා *#*#7378423#*#* යන කේතය ටයිප් කිරිමෙන් ලැබෙන මෙනුවෙහි Service info > Configuration > Rooting Status යන්නෙහි Bootloader unlock allowed : yes යනුවෙන් සදහන් වි ඇත්නමි පමණක් bootloader Unlock කල හැකිය.
පියවර 02.http://unlockbootloader.sonymobile.com/ වෙබි අඩවියට පිවිස, Start unlocking the boot loader
> Continue > Yes, I'm sure > I accept යන්න ලබා දෙන්න.
පියවර 03. Create unlock boot loader key request යන පිටුවෙහි
Name * - ( ඔබගේ නම ලබා දෙන්න )
IMEI or MEID or IDID - (IMEI අංකය ලබාගැනීමට *#06# යන්න ටයිප් කරන්න, ඵවිට අංක 14කින් යුත් කේතයක් ලැබෙන අතර ඵහි අවසාන අංකය හැර අනෙක් අංක 14 ලබාදෙන්න)
E-mail * - ( මෙතැනට ලබාදෙන ඉ-මේල් ලිපිනයට ඔබගේ දුරකථනයේ bootloader Unlock කිරිම සදහා අවශ්‍ය වන කේතය ලබාදෙන අතර ඵ් සදහා ඔබ දැනට භාවිතා කරන ක්‍රියාකාරි තත්වයේ ඇති
ඉ-මේල් ලිපිනයක් ලබා දෙන්න)
Submit ( ඉහත සියල්ල නිවැරැදිව සමිපුර්ණ කිරිමෙන් පසු Submit යන්න ලබා දෙන්න )
පියවර 04. (පියවර 03) හි ලබාදුන් ඉ-මේල් ගිණුමට පහත පරිදි ඉ-මේල් පණිවුඩයක් ලැබි ඇති අතර ඵහි ඇති Your unlock boot loader key is : XXXXXXXXXXXXXXXX යන කේතය ලියා තබාගන්න. (පසුවට අවශ්‍යවේ)
පියවර 05. අප අඩවිය මගින් ලබා දී ඇති http://www.androidsinhalen.com/p/1.html පිටුවට ගොස් ඔබගේ පරිගණකයේ භාවිතා වන මෙහෙයුමි පද්ධතියට අදාල flashtool මෘදුකාංගය බාගතකර ස්ථාපනය කරගන්න.
පියවර 06.flashtool මෘදුකාංගය ස්ථාපනය කරගැනීමෙන් පසු Computer > Local Disk C:\ > Flashtool > drivers යන ගොනුව තුල ඇති Flashtool-drivers මෘදුකාංගය ස්ථාපනය කරගන්න.ස්ථාපනය කිරිමේදි ලැබෙන වින්ඩොවෙහි [ Flashmode Drivers හා Fastboot Drivers ]යන්න අනිවාර්යෙන් ලකුණු කර ඔබට bootloader Unlock කිරිමට අවශ්‍ය ජංගම දුකරථනද ලකුණු කරන්න.
පියවර 07.දුකරථනයෙහි Settings > Developer options > යන්නෙහි ඇති USB debugging යන්න ලකුණු කරගන්න.
පියවර 08.flashtool මෘදුකාංගය විවෘත කර දුරකථනය On ඵකේ තිබියදි දුරකථනට අදාල FLASHMODE (*1) Button ඵක ඔබාගෙන USB cable මගින් දුරකථනය පරිගණකයට සමිබන්ධ කරන්න.
*1 - FLASHMODE (කොල පාට) Hardware key- Back Button (X8, X10, X10 mini, X10 mini pro, Play, Arc, Arc S, Neo, Neo V, Pro) Volume Down Button (Xperia U,P,S,Sola)
පියවර 09.Go to Plugins > Bootloader Unlock > Run (A) යන්න ලබාදෙන්න. ඉන්පසු Unplug the drivice යනුවෙන් USB cableයෙන් දුකරථනය ගැලවීමට උපදෙස් ලබා දෙමීන් වින්ඩොවක් (B) ලැබිමෙන් පසු USB cableයෙන් දුරකථනය ගලබා ඉවත් කරන්න.
පියවර 10.දුරකථනය Power Off කර දුරකථනට අදාල FASTBOOT Mode (*2) Button ඵක ඔබාගෙන USB cable මගින් දුරකථනය පරිගණකයට සමිබන්ධ කරන්න.
*2 - FASTBOOT Mode (නිල් පාට) Hardware key- Menu Botton (Xperia Arc, Arc S, Neo, Neo V, Pro) Volume Up Botton ( Xperia U,P,S,Sola)
පියවර 11.ඉන් පසු ලැබෙන කුඩා වින්ඩොවෙහි ඇති IMFI අංකය ස්වංක්‍රියව සටහන් වන අතර Unlock Code - යන්නට ( පියවර 04.) පරිදි ලබාගත් ඔබගේ දුරකථනයට අදාල Unlock කිරිමේ කේතය ලබාදී Unlock යන්න ක්ලික් කරන්න. ඉන් පසුව අවශ්‍ය සැකසුමි සිදුවි ඔබගේ දුරකථනය reboot වනු ඇත.
පියවර 12.Bootloader Unlock වී ඇත්දැයි සැකහැර දැනගැනීමට *#*#7378423#*#* යන කේතය ටයිප් කිරිමෙන් ලැබෙන මෙනුවෙහි Service info > Configuration > Rooting Status යන්නෙහි Bootloader unlocked : yes යනුවෙන් සදහන් වි ඇත්නමි ඔබගේ ජංගම දුකරථනයේ bootloader නිවැරදිව Unlock වී ඇත.









