Jan 8, 2017

Pirith Player (Online) - ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් පිරිත් අහන්න.

Pirith Player (Online) lk.prem.pirithplayeronline
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරි ම පුදුම දෙයක්‌. අපිට අදහාගන්න අමාරු තරම් ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර කෙරෙනවා. සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා. ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා. සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා. ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්‌තර කෙරෙනවා. මේ ආදී ධර්මයන් ප්‍රකාශ වන උතුම් සූත්‍ර දේශනා තමයි අපි පිරිත් වශයෙන් සජ්ජායනය කරන්නේ. මේ පිරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක්‌ නොවෙයි. ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්‌.

මේ පිරිත් දේශනා සජ්ජායනය කිරීමත් වැදගත් වෙනවා, ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීමත් වැදගත් වෙනවා. පිරිත් දේශනා සජ්ජායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණා දෙක ම බොහෝම ආනිසංසයන්ගෙන් යුක්‌තයි. ඒ නිසා මේ පිරිත් දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා හොඳින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි.

ඉතින් මේ වගේ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි මෙම ඇප් ඵක නිර්මාණය කර ඇත.

#මෙහි ඇති පිරිත් සහ ගාථා#
# මහ පිරිත
# සෙත් පිරිත
# ධම්මචක්ක සූත්‍රය
# ජය පිරිත
# සීවලී පිරිත
# ධජග්ග සූත්‍රය
# ජල නන්දන පිරිත
# අන්තරාය නිවාරන පිරිත
# රත්නමාලී යන්ත්‍රය
# ජත්ත මානවක ගාථා
# අංගුලිමාල පිරිත
# ජනපඤ්ජරය
# ඇනවුමි පිරිත
# වට්ටක පිරිත
# දස දිසා පිරිත
# බෝධි පූජා

Play Store මගින් නොමීලේ බාගතකරගන්න.
Pirith player online

Play Store නැති අය Pirith Player (Online) ක්ලික් කරලා කෙලින්ම බාගන්න.










0 comments: