Apr 1, 2015

Link2SD Plus (New) v1.1.APK ( දුරකථනයේ ඉඩ මදිද..? ඇප්ලිකේෂන් SD card ඵකට දාගන්න.) (නව සංස්කරණය)

Link2SD Plus (New) play.google.com/store/apps/details?id=com.buak.link2sdplus&hl=en
(රෑකාන්ත සහෝදරයා විසින් අපගේ ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් Facebook පිටුව තුලින් කල ඉල්ලීමකට අනුව පලකරන ලද ලිපියකි.)
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථන හා ටැබිලටි භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ උපාංගයේ  අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory) අඩුවීම, සාමාන්‍යයෙන් මෘදුකාංගයක් ස්ථාපනය  (install) කිරිමේදි ඵම මෘදුකාගයට අයත් දත්ත ගබඩා වන්නේ අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory) තුලය. ඵබැවින් ඔබගේ උපාංගයට ස්ථාපනය  (install) කල හැක්කේ මෘදුකාංග සීමීත ප්‍රමාණයක් වන අතර මතක ධාරිතාවය (internal memory) අවසන් වු පසු උපාංගයට මෘදුකාංග ස්ථාපනය කල නොහැක. 

මෙයට විසදුමක් හැටියට, උපාංගයේ  අභ්‍යන්තර මතක ධාරිතාවයයේ (internal memory) ඇති ඇප්ලිකේෂන SD card තුලට දැමීය හැකි  Link2SD Plus යෙදුම ඔබට මීට පෙර ලබාදීලා තියෙනවා. නමුත් මෙම මෘදුකාංගයෙහි නව සංස්කරණයක් 2015 ජනවාරි 2 දින නිකුත් කරනු ලැබු අතර ඵම සංස්කරණය තමයි ඇන්ඩ්‍රොයි සිංහලෙන් වෙතින් අද ඔබට මෙසේ ලබාදෙන්නේ.