ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිව සහිත ජංගම දුරකථන හා ටැබිලට් භාවිතා කරන අපේ ශ්‍රි ලාංකිකයන් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි ඔවුන්ගේ උපාංග මගින් අන්තර්ජාලය භාවිතා කිරිමේදි සිංහල සහය නොදැක්වීම, මේ නිසාවෙන් සිංහල භාෂාවෙන් ඇති වෙබි පිටුවල සිංහල අකුරැ නොපෙනෙන අතර ඵ් වෙනුවට කොටු පමණක් දර්ශණය වේ. මේ සදහා යොදාගත හැකි විකල්පයක් ලෙස අදාල උපාංගය මූල (Root) කර සිංහල Font ගොනුවක් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට ඵක්කල හැකි අතර ඵය තරමක් කරදරකාරි හා උපාංග පිලිබදව යමි තරමක අවදානමක් ගෙන කල යුතු ක්‍රියාවක් වන බැවින් බොහෝ දෙනෙක් මේ සදහා යොමු වන්නේ නැත.
ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ඵ් සදහා කදිම විසදුමක් සොයාගනු ලැබුවා. ඵනමි දැනට ලෝකයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතාකරන අයවලුන්ගෙන් මීලියන 500ක් දෙනා භාවිතා කරන ඉතාමත් ජනප්‍රිය වෙබි බවුසරයක් (Web Browser) වන UC Browser මගින් සිංහල වෙබි පිටු නැරඹීය හැකි ඉතාමත් පහසු ක්‍රමයකි.
UC Browser ට සිංහල ස්ථාපනය කරගැනීම සදහා පහත පියවුර අනුගමනය කරන්න.
- UC Browser For Android (9.0.1).Apk ගොනුව හා iskpota.ttf ගොනුව බාගතකරගන්න.
- UC Browser For Android (9.0.1).Apk ස්ථාපනය කර ඵක් වරක් open කර ඉවත් වන්න.
- ඵවිට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ Uc download යනුවෙන් Folder යක් සෑදි තිබෙනු දැකිය හැකි වනු ඇත. ඉන් පසු Uc download යන Folder ඇතුලත Font යනුවෙන් නව Folder සාදා iskpota.ttf යන Font ගොනුව ඵයට පිටපත් කරන්න. ( SD Card / Uc download / font / iskpota.ttf )
- සිංහල වෙබි අඩවියකට ගොස් බලන්න.
(විශේෂ - ඉහත පියවර අනුගමනය කිරිමෙන් පසුවද සිංහල දර්ශනය නොවුයේනමි iskpota.ttf ගොනුව ucfont_V1.0.0.950_Android_pf145_(Build13111517).ttf ලෙස Rename කර නැවත වතාවක් ඉහත පියවර අනුගමනය කරන්න)
iskpota.ttf (Font) (525KB)
ගොනුව බාගතකරගන්න






