විශේෂ :- මෙම මෘදුකාංගය භාවිතා කිරිම සදහා උපාංගය මූල (ROOT) කර තිබිය යුතුය..!
ඔබ විසින් ජංගම ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයක් මිලදී ගන්නා විටදි ඵහි ස්ථාපනය කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය Stock ROM යනුවෙන් හදුන්වනු ලබයි. මෙය දුරකථනය නිශ්පාදනය කරන සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඔවුන්ට අවශ්‍ය පරදි වෙනස් කර, නිෂ්පාදිත සමාගමට අදාල මෘදුකාංග යොදා දුරකථනයට අනුකූල වන ලෙස නිර්මාණය කරනු ලබයි. ( උදා - sony / samsung ).
නමුත් ඉහත සදහන් කල පරිදි නිෂ්පාදිත සමාගම විසින් උපාංගයට ඇතුලත් කර ඇති මෘදුකාංග අතර ඔබට අවශ්‍ය නොවන අනවශ්‍ය කරදරකාරි මෘදුකාංග බොහෝමයක් ඇතුවාට සැකයක් නැත. නමුත් මෙම මෘදුකාංග අප විසින් ස්ථාපනය කරන ලද මෘදුකාංග මෙන් සාමාන්‍ය පරිදි ඉවත් කල (Uninstall ) නොහැකි නිසාවෙන් මෙතෙක් ඵ් සදහා ඔබට පිලියමක් සොයාගැනීමට නොහැකිව තිබුනාට සැකයක් නැහැ.
නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම System app uninstaller මෘදුකාංගය මගින් ඉහත සදහන් කරන ලද ඔබට මෙතෙක් (Uninstall ) කල නොහැකිව තිබු මෘදුකාංගද පහසුවෙන් ඉවත්කල හැකිවනු ඇත.
( අවවාධයයි - ඔබගේ නොදැනුවත් කම මත, අනවශ්‍ය මෘදුකාංග යනුවෙන් සලකා මෙහෙයුමි පද්ධතියට අදල මෘදුකාංග ඉවත් කිරිමෙන් උපාංගයේ යමි දෝෂයක් පැන නැගුනහොත් ඵ් සදහා අප විසින් කිසිදු වගකීමක් භාර නොගන්නා බව කරැණාවෙන් සලකන්න )
System app uninstaller v1.6.178 (743 KB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න








