Feb 19, 2014

Greenify v2.1 (build 7) (ප්‍රයෝජනයක් නොගන්න වේළාවට මෘදුකාංග නිදි කරවලා තියන්න.)

විශේෂ :- මෙම මෘදුකාංගය භාවිතා කිරිම සදහා උපාංගය මූල (ROOT) කර තිබිය යුතුය..!

ඵදිනෙදා ජීවිතයේදි ඔබගේ කාර්්‍යයන් පහසු කරගැනීම සදහා ඔබ භාවිතා කරන තවත් උපකරණයක් තමයි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය.ඵබැවින් ඔබගේ අවශ්‍යතාවය හා කැමැත්ත පරිදි ඔබ විසින් විවිධ ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් උපාංගයට ස්ථාපනය කරගෙන ඇතුවාට සැකයක් නැහැ, නමුත් ඔබ මෙසේ ස්ථාපන කරගන්න මෘදුකාංග ප්‍රමාණය ඉහල යන්න, ඉහල යන්න, උපාංගයේ පෙර තිබු ක්‍රියා කාරිත්වය කෙමෙන් කෙමෙන් අඩුවී උපාංගය මන්දගාමී ස්වාභාවයක් ගන්නා බව ඔබ මේ වෙන විටත් දන්නා කරැණක්.

මෙයට හේතු කාරනා බොහෝ ප්‍රමාණයක් බල පාන අතර ඉන් ප්‍රධාන කාරණා කිහිපයක් පහත දැක්වේ.
  • උපාංගයේ මතක ධාර්තාවය අවම වීම.
  • මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් ඵකවර ධාවනය වීම තුලින් රැමි ධාරිතාවය අධික ලෙස භාවිත වීම.
  • ප්‍රයෝජනයක් නොගන්නා අවස්ථාවලදී පවා ධාවනය වන මෘදුකාංග තිබිම.
  • ස්වයංක්‍රියව අත්තර්ජාලය හා සමිබන්ධ වන මෘදුකාංග.
  • බැටරි ධාරිතාවය අධික ලෙස වැය වීම.
  • උපාංගය අනවශ්‍ය ලෙස රත් වීම.
ඉතින් ඉහත සදහන් කරන ලද බොහෝ කරණා වලට විසදුමික් දිය හැකි මෘදුකාංගයක් තමයි Greenify කියලා කියන්නේ,මෙම මෘදුකාංග මගින් ඔබ භාවිතා කරන මෘදුකාංග හැර අනෙක් මෘදුකාංග ධාවනය නොවන සේ නවතා තැබිය හැකි අතර, ස්වයංක්‍රියව අත්තර්ජාලය භාවිතා කරන මෘදුකාංගද නතර කර තැබිය හැකිය. විශේෂයෙන්ම මෙම මෘදුකාංගය භාවිතා කිරිමට නමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය මූල (ROOT) කර තිබිය යුතු අතර ඔබ තවමත් ඔබගේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය මූල (ROOT) කර නොමැති නමි මූල (ROOT) කිරිම පිලිබදව පියවරෙන් පියවර රෑප සටහන් සමග සරලව ඇතුලත් කර ලියන ලද ලිපියට මෙතනින් යන්න.

Greenify v2.1 (build 7) (752 KB) ගොනු පහතින් බාගතකරගන්න.

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.